Sunday, June 27, 2010

ජිවිතය නුඹම නම් (2)........


හිත කලුවර කරමින්,අහස තරහා වි ගුගුරන විට මම බියවිමි.එනමුදු හොරෙන් විත්,මගේ කොපුලතේ රෑඳුනු වෑහි බිඳුවට මම පෙම් කලෙමි.පිලිගන්න.කුලුඳුලෙ පිපුනු,පිපි පරවුනු,මගේ යෙහෙලියගේ කඳුලු පිරි දෙනෙතට තරම්ම.ඒ වෑහි බිඳුවට ඔබ මෙන්ම මමත් පෙම් කලෙමි.

ඉස්සර වගේ
දවසක්
ආයේ එන්නේ නෑ
අපි-අපෙයි කියන්නට..

ඔයාට මතකද සුදු අය්යේ,"මගේ සුදු මෑණික ඔයා ගොඩක් හොඳයි කියලා".එහෙම කියපු ඔයා ඈයි ඒ අහිංසක කෙල්ලට මෙහෙම කලේ.ඉස්සරම දවසක පොඩිම දේකට වුනත් ඔයා මට බෑන්නත් මම කටවහගෙන ඉන්නව.පස්සෙ කියනවා ඔයාම "අනේ නංගා මම දන්නවා මම බෑන්නම අන්තිමට හිත රිදෑන්නෙ ඔයාගෙමයි කියලා".එහෙම හරි ඔයාගේ හිත රිදෙනවට මම කෑමති නෑ කියලා එහෙම හිතපු ඔයා කොහොමද මගේ අය්යේ වෙනස් වුනේ.කරුනකරලා කියන්න මට.පුංචි මගේ අදරේ ඔයාට මදි වුනාද?

මට හරියට පෑනවත් අල්ලන්න බෑ අය්යේ මේ ලියුම ලියන්න.
ඔය තරම්
මට දුකක්
දෙන්නට
මේ තරම්
ලංවුනේ
කිම ඔබ.........

ඒත් මම ඔයාට මේක එවන්නම ඕනේ..ඔයාට මේ ලියුම කවදා ලෑබෙයිද කියන්න මම දන්නෙවත් නෑ,මෙහෙමවත් මගේ හිත ටිකක් හරි,සෑහෑල්ලු කරගන්න පුලුවන් වෙයි කියලා හීතෙනවා..ඔයාට දෑන් සතුටු ඈති නේද.තවත් එක කෙල්ලෙක් ඔයා ගෑන හිතලා අඬන එක ගෑන.දෑන් ඔයගෙ ලිස්ට් එකෙ ඉන්න කෙල්ලො කි දෙනෙක් ඔයා වෙනුවෙන් කඳුලු හෙලනවාද?ගොඩක් සතුටු ඈති නේද ඔයාට?

ඉස්සර ඔයාගේ වචන හරියට බණ පදයක් වගේ..ඔයා කතා කරද්දි මට හුස්ම ගන්නත් අමතක වෙනවා."සුදු මෑණික ,පෑටියෝ,මගෙ වස්තුව,.....එහෙමයි ඔයා මට කතා කලේ.ඒත් අද? ඔයා මට කතා කරන්නේ "Dear" කියලා.අපි මොනතරම් දුරස් වෙලද සුදු අය්යේ ..හරියට ඔයා නුවරඑලියේ කඳු වෑටියකට පාත් වුනු මහ වෑස්සක් වගේ..මම ඒ වෑස්සට තෙමුනු,සිතල දරාගන්න බෑරුව අතරමන් වුනු පුංචි සමනලියලක් වගේ....

ඔබවත් දන්නෑති
මමවත් දන්නෑති
පදයක්
අරුතක්
නෑති
ගි පදයක්.....
අපේ ආදරේ ..........


(මතු සම්බන්ධයි)

8 comments:

  1. ගොඩාක් ආදරේ කරපු කෙනෙක්ම අපිව රවට්ටද්දි දුකකට වඩා ඇති වෙන්නේ පසු තැවිල්ලක්. තමන් ගැනම ..

    ReplyDelete
  2. නංගි ඔයා වාසනාවන්තයි ගොඩාක්. ඔය පිරිමි ලමයා ඔයාව කසඳ බැන්ඳට පස්සෙ ඔහොම වෙනස් වුණොත් ඔයාගෙ ජිවිතයම අපායක් වෙනවා... දැන් ඔයාට හම්බෙලා තියන අපායට ආදරෙ කරන්න. මොකද යන යකා කොරහා බිඳගෙන යනවානෙ.. මෙව්වා මිනිස්සුන්ගෙ සංසාර පුරුදු. එහෙම තමයි කොල්ලො. භාතිය සන්තුශ්ලගෙ, චින්තිලගෙ, සින්දුවලට කැපිච්ච පනුවො වගෙ දඟලන්නෙ එකනෙ, උන් බලනවා මෙකිව තැනකට ගන්න පුළුවන්ද කියලා නැත්තම් හලනවා. බය වෙන්න එපා ජිවිත ගඟ ගලනවා. ඔයාට හිමිදෙ ඔයාට ලැබෙනවා.

    මම දන්න වැදගත් දෙයක් කියන්නම්..

    සම්භන්දකම් ගොඩාක් හොදට ගෙනියන්න පුලුවන් එවා සමබරව පැවතුනොත් විතරයි.

    මට මුලු ලොකයම එයා වෙද්දි එයාට තවත් කෙනෙක් පමණයි මම වුනොත් එතන වේදනාව මට විතරයි ඉතුරු වෙන්නෙ. මම එක පුද්ගලිකවම අත්විඳලා තියන්නෙ. ඔයා එක අත්විඳිමින් ඉන්නවා වගෙ මට වැටහෙන්නෙ.

    ReplyDelete
  3. මටනම් ඔහොම දෙයක් කරනවනම් , මමනම් කොල්ලව හෝ කෙල්ලව දාලා යනවා. මොකද ඕක ඔච්චර සීරියස් ගන්න දෙයක් නෙමෙයි.මුහුදෙ ඉන්නෙ එක මාලුවද ? වැඩේ තියෙන්නෙ. මිනිස්සු ඕවා අලාගෙන හරි ලොකු දේවල් වගේ කියවනවා. වැඩක් නැති කට්ටියට හොඳයි ඕවා අල්ලගෙන ජීවිතේම කියව කියව ඉන්න. ආදරය කියන්නෙ සම්පූර්න බොරුවක්. ඒක නිකම්ම් නිකම් ලිංගික ආශ්වාදයට පමනක් සීමාවුනු දෙයක්. ඒකෙ ප්‍රතිපලයක් ලෙස තමයි හැම ජීවියෙක්ම මේ ලෝකෙට බිහි වෙන්නෙ.

    ReplyDelete
  4. @ Shadow/හේමලයා:thanx brother.

    @ පබලු :ඒක ඈත්ත

    @ රවා :අනේ අය්යේ මේ කතව මට නෙමෙයි මගෙ යලුවෙක්ටයි
    සම්බන්ධ..එයාගේ හිත හගොඩක් දුරට මම හෑදුවා.
    ඔයා කියපු දෙවලුත් මම එයාට තෙරුම් කරලා දෙන්නම්.

    @ දිල් :එයාවනම් එයා අදරේ කරපු කෙනා දාලා ගිහිල්ලා..

    ReplyDelete
  5. යාලුවගේ ඉල්ලිම පිටයි මේක මම මගේ බ්ලොග් එකේ දෑම්මේ..

    ReplyDelete
  6. ඔයාගෙ යහලුවට ක්යන්න බ්ලොග් එකක් හදාගන්න කියලා, එයාට ලියන්න දෙන්න, ඔයා ලියද්දි මෙහෙම දැනෙනවා නම්, යහලුවා ලියද්දි අපිට ඇඬෙයි. සමහර විටක එක එයාට ලොකු පහසුවක් වෙයි, දුෂ්කර කාලය ගෙවා දැමිමට.

    ReplyDelete
  7. @ රවා :මම කිව්වා..ඒත් එයගෙ වෑඩි කෑමෑත්තක් නෑ අය්යේ

    ReplyDelete