Friday, June 25, 2010

ජිවිතය නුඹම නම්........


"මම කියවපු මම ආදරේ කරන ලස්සනම කතාවක්..ඔයාලත් කියවලා අදහස් ප්‍රකාශ කරන්න.මගේ යාලුවෙක්ගෙ අත්දෑකිමක්"



ජිවිතය හිනයක් වගේ.කොලයකුත් අරගෙන,කාමරේ දොරත් වහගෙන ඔයාට අන්තිම ලියුම ලියන්න ගත්තේ.දොර වහගත්තේ,මම දන්නව ඔයාව මතක් වුනත් ඈස් වල කඳුලු පිරෙන මට,ඔයට අන්තිමට ලියන ලියුම,ලියන ලියන අකුරක් ගානේ මගේ ඈස් වලට කඳුලු පිරෙන බව.

ඒ කඳුලු ගෙදර අයගෙන් හංඟන්න ඕනේ.ඔයා වෙනුවෙන් මම විතරක්ම ඈඬුවම ඈති.මම දෑන් ඔයාට ලියන්නෙ මගේ ජීවිතේටම ආදරේ වෙනුවෙන් ලියන අන්තිම ලියුම.

කොහෙන් පටන් ගන්නද කියලා මටවත් තේරෙන්නේ නෑ.මතකද .....අය්යේ අපි ඉස්සරම මුණ ගෑහුන දවස..ඔයා නලල ඉඹල"ආදරේ සුදු නංගි මහ ගොඩක් "කිව්වම මම හිතුවෙ මුලු ලොකේම මගේ වුනා කියලා.ඉතින් මම කොහොමද විශ්වස කරන්නේ ඔයා මාව දාලා ගියා කියල.

ඔයා වෙනස් වුනේ ඈයි කියල තාමත් මට හිතාගන්න බෑ අය්යෙ.ඔයා මාව දාල ගියේ රිද්දන්න පුලුවන් උපරිමයෙන්ම මාව රිද්දවලා..ඔය හොඳටම දෑනගෙන හිටියා මාව රිද්දවන්න පුලුවන් මොනවගෙ දෙවල් වලින්ද කියල.ඔයාට හෑම දෙකටම වෑඩිය ලොකු වුනෙ ඔයාගේ යලුවොයි ,රස්සාවයි..

මම ඒක වෑරදියි කියන්නෙ නෑ.ඒ වුනාට ඔයා ලංකාව අත ඈරලා වෙන රටකට ගියේ අපේ අනාගතේ ගෑන හිතලා කියලා,මම හිතපු එකයි වෑරෑද්ද.හේතුව ඔයගේ වෙනස් විම මුල එතනයි.ඔයාගෙ වාසනව හොයාගෙන ඔයා වෙන රටකට ගියා .හෑබයි යන්න කලින් "මගෙ සුදු මෑණික ඔය ගොඩක් හොඳයි .මම එනකන් මේ විදියටම ඉන්න" කියපු ඔයා ඈයි අය්යෙ මේ අහිනංසක කෙල්ලට මෙහෙම කලේ.....


මතු සම්බන්ධයි..(නෑවතත් මතක් කරන්නෙ මෙක මගෙ යෙහෙලියක මුහුන දුන් සිද්දියක් බවයි.)

6 comments:

  1. හිත හදාගන්නමයි ඔනේ නගෝ ඔයාගේ යලුවාට කියන්න හිතහදාගන්න ඔයත් එයාට උදවු වෙන්න..හිත හදාගන්න.....කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා.....

    ආදරය ඇසිස්සරහා පිටම මයාවක් වෙනකොට ඉවස ගන්න අමාරුයි..ම්මත් ඕක විදලා තියන්වා......

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම්ම්ම් ගොඩාක් දුකයි....අපි මොනතරම් අවංකව ආදරේ කලත් අපිට බැහැනේ අනිත් අයගේ හිත් කියවන්න.අපි හිතන්නේ එයාලත් අපි වගේම අපිට ආදරේ කරනවා කියලා.ඔයාගේ යළුවට හිත හදාගන්න ඔයා උදවු කරන්න.

    ReplyDelete
  3. මගේ කතාවද කියලා මට මොහොතකට හිතුණා..
    ඉතිරි ටිකත් ඉක්මනටම දාන්න..

    ReplyDelete
  4. කොල්ලො ඔහොම තමා සුදූ..පොඩි ආතල් එකක් ගන්නනෙ ඉතින් ඔය ඔක්කොම.

    ReplyDelete
  5. හ්ම්ම්... මොනා කියන්නද....

    ReplyDelete
  6. @ ඉලංදාරියා :ඔව් අය්යේ මම පුලුවන් තරම් එයාගෙ හිත
    හෑඩුවා..

    @ kesh :ඒක ඈත්ත.. අපි අදරෙ කරන අය ඒ තරම් අපිට
    ආදරේද කියල අපි දෑන ගන්නේ කොහොමද.

    @ Ansh Lucky Sri Jay :ඉක්මනයටම දාන්නං ඩියර්

    @ Anonymous :පොඩි ආතල් එකක් ගන්න එකෙන් තව
    කෙනෙක්ගෙ ජිවිතයට හානියක් වුනාම?

    @ පිස්සා පලාමල්ල :හිතට දෑනුන දේ කියන්න..

    ReplyDelete