Monday, June 28, 2010

ජිවිතය නුඹම නම් (3)........



ඈත්තටම මුලුන්ම ඔයා කතා කරද්දි,මම ඔයාගේ වචන වලට වශි වුනා.හරියට සුරංගනාවියෝ දෙවියන්ගෙන් බණ අහනවා වගේ,ඔයාගේ වචන නෑවතුනේ හිතේ පතුලේම.ඒත් අද ඔයා කියන දෙවල් වලට ඒ හිතටම පිහි තුඩක් වදිනවා වගේ.ආදරේ මහ ගොඩක් හිතේ තියාගෙන ඔයා අතෑඟිලි අල්ලන් යනකොට ,ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන අනාගතය ගෑන හින මවනකොට,"මගේ මුලු ජිවිතයම ඔයයි කිව්ව"ඔයා අද මට කියනවා ඔයගේ තිරන ඔයා ගන්න මම මන් ගෑන බලගන්නන් කියලා.

කොහොමද මගේ අය්යේ ඔය හිත ඔච්චරටම නපුරු වුනේ.ඒත් මම ඔයගේ එක දෙයක් ගෑන සතුටු වෙනවා මම දන්නේ නෑ එක සමහරවිට මගේ හිතේ තිබුන ඉවසිමද කියල.ඒ මොනවා වුනත් මම ලඟදි ඔයගේ හිතේ තිබුන ඉවසිමට,මම අදත් ඔයට ගරු කරනවා.දෑන් නම් මට ජිවත් වෙන්නවත් හිතෙන්නේ නෑ..මගේ ඔලුව පුපුරන්න වගෙ රිදෙනවා..

ඉස්සර ඔය ලඟදි "සුදු අය්යේ ඔලුව රිදෙනවා කිව්වම"ඔයා මගේ ඔලුව සනිපෙට අත ගානවා.මට හිතෙන්නේ දෙවියක් අත තියලා වගේ.එහෙම අදරේ කරපු ඔයා දෑන් කොහොමද හිතක් පපුවක් නෑති මිනිහෙක් වගේ ඉන්නෙ?

හිතෙන්නේ නෑද්ද ඔයාට,ඔයාට පණ වගෙ ආදරේ කරපු ඔයගේ සුදු නංගි කොච්චර විඳවනව ඈත්ද කියල.දෑන් නම් මගේ ඈස් වල කඳුලු නෑ.ඔයා මට එව්ව, මම ආසම කරන sms එක මම ආයෙත් ඔයට එවන ගමන් නවතින්නම්.මගේ සුදු අය්යා හෑමදාමත් සතුටින් මගේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ..හෑමදාමත් වගේ ඔයාගේ සතුට මගෙත් සතුට..

බුදු සරණයි ..
ඔයාට ගොඩක් ආදරේ කල
සුදු නංගි..


අතුපතර දිගේ....
කඳු යාය දිගේ
මද පවන් දිගේ
නිල් අඹර අරා.
අසිමිත වු
අනන්ත වු
සදාතනික බලපොරොත්තුවයි නුඹ
නුඹෙ සෙනෙහස මාවෙත දුන් බව
සියලු විශ්වයම සාක්ශි
මගේ හදෙහි ඉපිදි
සෙනෙහෙ නාමෙන් නුඹට
දුර ඉඳන් මග බල
ඉදිමි ආදරෙන්
නුඹෙම...........



ආයෙත් මගේ අතින් කවදවත්ම ලියුමක් ලියවෙන්නෙ නෑ...

(නෑවතත් ආදරෙන් මතක් කරන්නේ මේ මගේ යෙහෙලියකගේ කතාවක් මිස මට සම්බන්ධ කතවක් නොවන බවයි)

4 comments:

  1. චැ එහෙම කියන්න එපැයි, මම හිතුවා ඔයාගෙ කතාව කියලා. ඔයාගෙ හොදම යෙහෙලියකගෙ කතාවක් විය යුතුයි. හරි හරි.. ලස්සන කතාවක හිමිකාරීයෙක් වෙවායි පැතුවා, කතාව ලස්සනයි.

    ReplyDelete
  2. @ රවා :ස්තුතියි අය්යේ

    ReplyDelete
  3. මාර ජොලි කතාව.

    ReplyDelete