Friday, June 4, 2010

ඔබයි මමයි


ගගනතලයේ පෑයු සරා සඳ ඔබ
ඔබේ තනි නොතනියට ලඟ සිටින
පුංචි තනි තරුවයි මං
මහා සාගරය තරණය කරන
නෞකාව ඔබ
ඔබට මග පෙන්වන
කුඹ රුකයි මං
වෑව් තලාවක සුපිපි සුන්දර කුසුම
ඔබ
එයින් විහිදෙන සුවඳවත්
සුගන්ධය මා
මේ ජීවන කතරේ යාත්‍රාව පෑද යන
සුන්දර මිනිසා නුඹ
නුඹේ දිවියට දිරිය දෙන
සුන්දර මිනිස් දුව මං....

5 comments:

  1. කදුලු බිංදුව.. ඔයා බොහොම සියුමව දෙයක් කියන්නෙ හදනවා. ගැහැනියත් , පිරිමියත් අතර තිබෙන අපුර්ව සම්බන්දයට පණක් දෙනවා ඔයා. ඔයා නෙමෙයි මෙ අදහස් මුලින්ම ලිව්වෙ , නමුත් ඔයා අපුර්ව විදියට මේ යාකිරිම කරනවා. හරිම ලස්සනයි. ඇත්තටම හරිම ලස්සනයි.

    ReplyDelete
  2. හරිම ලස්සනයි පද ටික. ඒත් සමහර තැන්වල " ඔබ " යනුවෙනුත් තවත් සමහර තැන්වල " නුඹ " යනුවෙනුත් යෙදීම නිසා රසයේ වෙනසක් තියෙනවා කියලා මට හිතෙනවා

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  4. @ රවා :ස්තුති අය්යේ

    @ හා පෑටික්කි :ස්තුති හා පෑටියෝ

    @ දිල් :ස්තුති අදහසට දිල්..

    @ හසි : ස්තුති හසි

    ReplyDelete