Sunday, June 6, 2010

නින්ද යන්නෙ නෑ


ඉකි හසයි නිතරෝම
දුක පිරුණු මගේ හිත
නින්ද ඉඟි කරයි මගේ
නෙත් පියන් මත්තෙ හිඳ...
නින්ද යන්නෑ එත්,
සුවඳ මගේ ජීවිතය
සිහිපත්ව මුළු රෑයම
අවදියෙන් මම තවම
නුඹ මගේ ලඟ නෑතිව...

4 comments:

  1. ඉක්මණට නුඹේ තනිය නැතිකර
    හදවතට යළි සතුට පුරවන
    අවදියෙන් මුලු රෑම ඔබ ලඟ
    ඉන්න සහකරු ඒවි හනිකට

    ReplyDelete
  2. ළග ඉන්න දැවටෙන්න
    සොදුරු බස් තෙපලන්න....
    කදුළු පොඩි පිසදන්න
    ළෙන්ගතුව සිත ගන්න....
    ඔහු සිහින මල් රැගෙන
    එන තුරා විගසකින්
    එපා ඔබ දුක්වන්න...........

    ReplyDelete
  3. @ හසිත : ස්තුති අය්යෙ,,
    නෙතු නොපියා
    බලා හිඳිමි ඔහු එනතුරා
    එලඹෙන හෙට දිනේ
    විදා හල පියාපත් අතරින්
    ඔහු සෙනෙහස විඳින්නට

    @ හා පෑටික්කි : ස්තුතියි හා පෑටියෝ
    හිනවක් මුවඟ රඳ වන්නට
    මේ පාලු නෙත් මත්තට
    අදක හෙටක නුවට
    එලඹෙන සීත සමයේ
    ඔහු ඒවි දුක් නිවාලන්නට..
    එතෙක් මග බලා හිඳිමි

    ReplyDelete
  4. මමත් ඔහොමයි. අද එයි හෙට එයි කියල බලන් ඉන්නවා. ඒත් මම දන්නව එයා මං ලඟට එන්නෙ නෑ. ඈත් වෙමු කියල මට කියල එයා ගියා ඈතටම...

    විහඟි

    ReplyDelete