
බලා ඉන්නෙමි මම
නුඹ දෙසම
නුඹ පෙනෙන ඉසව්වක
හිඳ
නුඹට රහසින්....
පෙම් කලෙමි මම
නුඹටම
මටත් වඩා නුඹටම
නුඹට නොතේරන
තරමට...
ලොවට රහසින්
විඳ ගතිමි මම තනිවම,
ලොවෙන් එන අවමන්
නුඹට නොදෑනෙන්නට
සිතට රහසින්...
ඉකිගසා හෑඬුවෙමි
නුඹ අහිමි දා මම
කඳුලු නොපෙනෙන්නට
නෙතට රහසින්...
සත්තකයි අපි වෙන්වුනා???
හිතට හොරෙන් හද කොඳුරා
ReplyDeleteරහසින් මම පෙම් බැන්දා...
නිහඩබවින් උමතු වෙලා
දැන් නුබත් නෑ ඇයත් නෑ
මටම මමත් නෑ....
එත් වෙන්වෙලත් නෑ!