Saturday, September 25, 2010

යළි අපි මුණගෑසෙමු!


සිහිනයක් වගේමයි
යළිත් අපෙ හමුවීම
ඒ වුනත් මගේ හිත
වෙනස් වී නෑ තාම
කෙදින හෝ සිත් පොඩියේ
පෑතුම් මල් පිපුනාම
යළිත් අපි සෙනෙහසින්
මුණ ගෑසෙමු පෙර සේම

4 comments:

  1. සතුටු මල් වැසි අරන්
    ඔහු ඇවිත් යාද
    පේරසේම මුණ ගැහෙන
    යම් දිනක් වේද
    නොපිපි මල් වෙනුවෙනුත්
    තව කදුලු ඒද
    හිත හදන් සැනසියන්
    ඔහු ඇවිත් නොයාද...

    ලස්සනයි වචන..කදුලු බිංදුවක් තරම්ම සිසිලසයි හිතට...

    ReplyDelete
  2. සිහිනයක් නොවේමයි
    යලිත් අපි හමු වේවි
    හැමදාම මා දුටුව
    සිහිනයත් එයම වේ
    නුඹ වෙනුවෙන් හදේ පිපුනු
    පැතුම් නොදී පරවෙන්නට
    එදා සිටම මග බලනව
    සෙනේ සිතින් නුඹ එනතුරු

    ලස්සනයි.....ආදරය සදාකාලිකයි කියල නේද මේ කියන්නෙ?

    ReplyDelete
  3. අපිනම් ඔය කවි ලියන්න දන්නේ නැ එත් බලනවා කියවනවා හැමදාම

    ReplyDelete
  4. @ පබලු :ස්තුති පබලු

    @ තාරක සමරණායක :ඔව්..අපි ආදරය කරන අයව අපිට නොලබුනත් ඒ ආදරය අපි ලඟ සදාකලිකවම රඳෙනවා.

    @ ලාංකී‍ය බ්ලොග් කියවනය :ස්තුති

    ReplyDelete